ශිෂ්‍යත්වෙට මාස හතරයි – විෂය සීමා නම්කර නෑ
එළැඹෙන අගෝස්තුවේ පැවැත්වීමට නියමිත පහ වසර ප්‍රශ්න පත්‍ර සැකසීමට භාජනය කරගන්නා විෂය සීමාවන් නම්කරන ලෙසට ගුරුවරු අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටිති.
මෙවර පහ වසර ශිෂ්‍යත්වය නව නිර්දේශය යටතේ පැවැත්වෙන අතර එහිදී සිසුන්ට ලැබිය යුතු පෙළ පොත් පසුගිය වසර අවසන් වාරයේදී නොලැබුණි.
ගුරුවරුන්ගේ ගුරු මාර්ග උපදේශනද නියමිත කාලයේදී නොලැබුණු අතර, මෙම තත්ත්වය නිසා පහ වසර විෂය නිර්දේශය සම්පූර්ණ කිරීමේ ගැටලුවක් මතුව ඇති බව ගුරුවරු පෙන්වා දෙති.
මෙ නිසා පහ වසර සිංහල, ගණිතය, පරිසරය යන විෂයන්හි ඇති පරිච්ඡේදයන්වල සීමාවන් සඳහන් කරන ලෙසද අවධාරණය කර සිටී.
චමින්ද සේනාරත්න
