News

ශ‍්‍රී ලන්කන් මගී ගුවන් ගමන් අත්හිටුවීම 30 වැනිදා දක්වා දීර්ඝ කෙරේ

ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ මගී ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීම ලබන 30 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ.

ලොව සෙසු රටවල් පැන වූ ගුවන් ගමන් සීමා මෙතෙක් ඉවත් නොකිරීම ඊට හේතුවයි.

කෙසේ වෙතත් භාණ්ඩ ප‍්‍රවාහන සේවා අඛණ්ඩව ක්‍රියාත්මක බව ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.