සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කුඩු දිලීප අත්අඩංගුවට
මහපරිමාණ හෙරොයින් ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැළකෙන දිලීප් තරංග හෙට්ටිආරච්චි හෙවත් කුඩු දිලීප පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ (26) වැල්ලම්පිටිය, නාගහමුල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී සංවිධානාත්මක අපරාධ ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා මහතා ඇතුළු කණ්ඩායම විසින් විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් සමඟ ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී වායු පිස්තෝලයක් හා වානේ කඩු තුනක් පොලිස් භාරයට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන සඳහා සැකකරු වැල්ලම්පිටිය පොලීසියට භාරදී ඇත.



