News

සජිත්ගේ ප්‍රතිපත්ති හදන්න ඇමැතිවරු පහයි

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරි දින හතර ඇතුළත සකස් කර අවසන් කිරීමට නියමිතය.

මංගල සමරවීර, රාජිත සේනාරත්න, චම්පික රණවක, එරාන් වික්‍රමරත්න, හර්ෂ ද සිල්වා යන ඇමැතිවරුන් සිවිල් සංවිධාන නියෝජිතයන් මෙන්ම විද්වතුන්ද මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය සකස් කිරීමට එක්වී ඇත. ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමේ දිනය මෙතෙක් තීරණය කර නොමැත.

සියලු ජන කොට්ඨාසවලටම සාධාරණත්වය ඉටුවන ආකාරයෙන් ප්‍රතිපත්ති ප්‍රකාශනය සකස් කරන බව වාර්තා වේ.

උදයජීව ඒකනායක