සජිත්ගේ විශේෂ මාධ්‍ය හමුවක් හෙට සිරිකොතදී
හෙට දිනයෙදී සජිත් ප්‍රේමදාස මහතා විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් සඳහා සම්බන්ධවීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
කොළඹ අද(20) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
හෙට දිනයේදී මාධ්‍ය සහ ජනතාව මුණ ගැසීමට සජිත් ප්‍රේමදාස මහතා බලාපොරොත් වන බවත් එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත පක්ෂ මුලස්ථානයේදී මෙම හමුව සිදුවන බවත් ප්‍රකාශ කළේය.
