News

සති අන්ත දීර්ඝ නිවාඩුවට දුම්රිය 04 ක් ධාවනයට එක්කරයි

දීර්ඝ සති අන්ත නිවාඩුව වෙනුවෙන් මගී ජනතාවගේ පහසුවට විශේෂ දුම්රිය 04 ක් ධාවනයට එක්කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ලබන 8, 9 සහ 11 යන දිනයන්හිදී එම දුම්රියයන් ධාවනයට එක්කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

කොළඹ කොටුවෙන් රාත්‍රී 7.35ට පිටත් වන දුම්රිය අලුයම 4.33 ට බදුල්ලට ළඟාවීමට හැකි බවත් රාත්‍රී 8.00 ට බදුල්ලෙන් ගමන් ආරම්භ කරන දුම්රිය අලුයම 5.26 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ළඟා වීමට හැකි බවත් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.