News

සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසාට ඇප

රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා අද (28) අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ඇප මත මුදාහැරීමට පැල්මඩුල්ල මහෙස්ත්‍රාත්වරිය නියෝග කළා.

පසුගිය 16 වැනිදා ගොඩකවෙල පොලිස් වසමේ වේරහැර ප්‍රදේශයේ අයුතු ජන රාශියක සාමාජිකයන්ව සිටිමින් පිරිසක් සමඟ පුද්ගලයකුට පහර දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණා.

අනතුරුව ඔවුන්ව පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදි එළැඹෙන ජනවාරි මස පළමුවනදා දක්වා සැකකාර මන්ත්‍රීවරයා ඇතුළු සිව්දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය නියෝග කළා.

අද නීතිඥයින් විසින් මෝසමක් මගින් ඇප ඉල්ලිමක් ඉදිරිපත් කළ අතර එය සලකා බැලු පැල්මඩුල්ල මහේස්ත්‍රාත් ජනිතා රෝෂිණි පෙරේරා මහත්මිය විසින් රුපියල් ලක්ෂ 2 බැගින් වු ශරීර ඇප මත සැකකරුවන් මුදා හැරීමට නියෝග කර තිබෙනවා.

මෙම නඩුව යළි ජනවාරි 1 වැනිදා කැඳවිමට නියමිතයි.