සමන්තුරෙන් ආයුධ රැසක් සොයාගැනේ
සමන්තුරේ මල්ආර 2 ප්‍රදේශයෙන් ජෙලට්නයිට් කූරු 200ක් ඇතුළු ආයුධ කිහිපයක් සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබේ.
ඊට අමතරව ටී 56 මැගසින් තුනක්, පතොරම් 7ක්, ඩෙටනේටර්, වයර්, පිස්තෝල දෙකක් හා ටී 56 හිස් මැගසින් එකක් ඇතුළු ආයුධ තොගයක් එහිදී සොයාගෙන ඇත.
යුද හමුදාව, පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව මෙම මෙහෙයුම සිදු කර තිබේ.