සමූහ මිණීවලෙන් හමු වූ මිනිස් සිරුරු වල වාර්තාව අධිකරණයට භාර දෙයි
මන්නාරම් සමූහ මිණීවලෙන් හමු වූ මිනිස් සිරුරු වලින් ලබාගත් සාම්පල වල ඇමරිකානු රසායනාගාර කාබන් වාර්තාව අද (20) දින මන්නාරම් මහේස්ත්‍රාත් වරයා වෙතට භාර දුන් බවට සමූහ මිණීවලේ කැනීම් පිළිබඳව භාරව සිටින විශේෂඥ අධිකරණ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ සඳහන් කරයි.
ඇමරිකාවේ ෆොරීඩාහි පිහිටි රසායනාගාරය මගින් මන්නාරම් මිණීවලෙන් හමු වූ සිරුරු වල කාල නිර්ණය පිළිබඳව ලබාගත් සාම්පල 6න් 5 ක වාර්තාව පසුගිය 16 වනදා විද්‍යුත් තැපෑල මගින් යොමු කර තිබූ අතර එම වාර්තාවේ ඡායා පිටපත් ලබාගෙන වාර්තාව සකසා අද (20) දින මෙසේ මන්නාරම් අධිකරණයට භාර දීමට පියවර ගෙන ඇත.