සමෘද්ධි ලාභී පවුල් ලක්ෂ 20කට රු. 15000 බැගින් ණය මුදල්
සමෘද්ධි ලාභී පවුල් ලක්ෂ 20ක් සඳහා රුපියල් 15000 බැගින් සහනදායී පොළියක් යටතේ ණය මුදලක් ලබා දීමට රජය තීරණය කර තිබේ.
ඒ සඳහා රුපියල් කෝටි 6000ක් වෙන් කර ඇති බව ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා සඳහන් කළේය.
ඉන් රුපියල් කෝටි 3000ක් අලුත් අවුරුද්දට පෙර එම පවුල් වෙත ලබා දෙන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.