සරසවි අනධ්‍යයන සේවකයින්ගේ උද්ඝෝෂණයක් නිසා වෝඩ් පෙදෙස වැසෙයි
විශ්වවිද්‍යාලවල අනධ්‍යයන සේවකයින් විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට සිදුකරන උද්ගෝෂණයක් හේතුවෙන් කොළඹ වෝඩ් පෙදෙස මාර්ගය තාවකාලිකව වසා දමා තිබේ.
දිවයිනේ සියලු විශ්වවිද්‍යාලවල අනධ්‍යයන සේවකයින් ඊයේ (28) ආරම්භ කළ දෙදින සංකේත වැඩවර්ජනය අද(29) දිනටත් ක්‍රියාත්මකයි.
වැටුප් ගැටළුවක් මුල් කර ගනිමින් ආරම්භ කළ මෙම වර්ජනයට විසඳුම් ලබා නොදෙන්නේ නම් වර්ජන ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක කරන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සදහන් කරයි.

