සහරන් සමඟ සමීප සබඳතා පැවැත්වූ සැකකරුවන් තිදෙනා රඳවාගෙන ප්රශ්න කෙරෙති
මොහොමඩ් සහරාන් සමග සමීප සබඳතා පැවැත්වූ බවට පොලිස් ත්රස්ත විමර්ශන කොට්ඨාසය භාරයට ගත් සැකකරුවන් තිදෙනා රඳවා තබා ගෙන ප්රශ්න කිරීමට පොලීසිය පියවර ගෙන ඇත.
රස්නායකපුර, වැලිමඩ සහ පේරාදෙණිය යන ප්රදේශවලදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර මොවුන් තිදෙනා මොහොමඩ් සහාරාන් සමග නුවරඑළිය , හම්බන්තොට සහ අරුප්පල ප්රදේශවලදී පුහුණුව ලබා ඇති බව පොලීසිය සඳහන් කළේය.
