සහරාන් ජනාධිපතිවරණයේදී උදව් කළේ වත්මන් ජනපති මෛත්රීපාල සිරිසේනට – හිස්බුල්ලා
පාස්කු ඉරුදින ප්රහාරය මෙහෙයවූ ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් ඉකුත් ජනාධිපතිවරණයේදී උදව්කළේ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට යැයි නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් ප්රකාශ කළේය.
මහින්ද රාජපක්ෂ මහතාට තමා උදව් කරද්දී සහරාන් මෛත්රීපාල සිරිසේන මහතාට උදව් කළ බවද ඔහු කියා සිටි අතර මැතිවරණයේදී තමා සහරාන් සමග ගිවිසුම් ගැසුවද පසුකාලීනව ඔහු තමාට විරුද්ධව වැඩ කළ බවකී හිස්බුල්ලා මහතා තමා ඡන්දයෙන් පැරදුණේ සහරාන්ගේ වැඩ නිසා යැයි සඳහන් කළේය.
සහරාන් තමා දැනගෙන හිටියේ හොඳ විවාදකයකු හැටියට විනා ත්රස්තවාදියකු හැටියට නොවේ යැයිද හිස්බුල්ලා මහතා සඳහන් කර ඇත.
