Update : සහරාන් සමග සමීප සබදතා පැවැත් වූ දෙදෙනා පැය 72ක් රඳවාගෙන ප්රශ්න කිරීමට අධිකරණයෙන් අවසර
ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හස්මි සමග සමීප සබදතා පැවැත් වූ පුද්ගලයින් දෙදෙනා පැය 72ක් රඳවාගෙන ප්රශ්න කිරීමට අධිකරණය විසින් ලබා දී තිබේ.
මොවුන් දෙදෙනා මුස්ලිම් ජාතික විද්යාල දෙකක විදුහල්පතිවරයෙකු සහ වැඩබලන විදුහල්පතිවරයෙක් ද වේ.
සැකකරුවන් අද (17) කැබිතිගොල්ලෑව දිසා මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබේ.
ඊයේ (16) රාත්රීයේ පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් විසින් හෙරොව්පතාන ප්රදේශයේදී සිදුකළ මෙහෙයුමකදී මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුවේය.
————————————————————————
ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හස්මි සමග සමීප සබදතා පැවැත් වූ දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ විශේෂ කාර්ය බළකා සෙබළුන් විසින් හෙරොව්පතාන ප්රදේශයේදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.