News

සහරාන්ගේ ඡායාරූප කිහිපයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ රුව ඇතුළත් ඡායාරූප කිහිපයක් සහ අරාබි බසින් ලියවුනු පොත් කිහිපයක්ද සමඟ පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ගාල්ල බන්ධනාගාරයේ සිටින ඥාතියෙකු බැලීමට පැමිණි අවස්ථාවේදී මොහු ගමන් කළ යතුරුපැදිය පරීක්ෂා කිරීමෙන් පසුව මෙම ඡායාරූප සහ පොත් සොයාගෙන ඇති අතර සැකකරුගේ ජංගම දුරකථනයේ තිබී ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ ඡායාරූප කිහිපයක්ද හමුවී ඇත.