සහල් වලට පාලන මිලක්
සහල් මිල ඉහළ යාම පාලනය කිරීමේ අරමුණින් සියලුම සහල් සඳහා පාලන මිලක් පැනවීමට පාරිභෝගික සුරක්ෂිතා අමාත්‍යාංශය තීරණය කර ඇත.
මෙම සති අන්තයේ පාලන මිල පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
සම්බා සහ නාඩු සහල් රුපියල් 98 ක් ලෙස සඳහන් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය තවදුරටත් ක්‍රියාත්මකය.
මීට අමතරව කැකුළු සහල්වල උපරිම සිල්ලර මිල රුපියල් 93 ක් ලෙස සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිතව ඇත.
උදයජීව ඒකනායක
