සාකච්ඡා අසාර්ථක වුවහොත් ජනාධිපතිවරණයට තනිව තරඟ කරනවා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡා අසාර්ථක වුවහොත් ඉදිරි ජනාධිපතිවරණයට තනිව තරඟ කිරීමට පක්ෂ මධ්‍යම කාරක සභාවේදී තීරණය කළ බව නිදහස් සන්ධානයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
අද පෙරවරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
