News

සාදයට ගිය තරුණයා පිහිනුම් තටාකයේ ගිලි මරුට

කොටදෙනියාව,වැලිහිඳ ප්‍රදේශයේ හෝටලයක පැවති සාදයක් සඳහා පැමිණි පිරිසක් එම හෝටලයේ පිහිනුම් තටාකයේ දියනාමින් සිටියදී එක් පුද්ගලයෙකු දියේ ගිලීමෙන් මිගමුව රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත.

මරණකරු වයස අවුරුදු 23ක් වූ දියගම්පල පදිංචිකරුවෙකු වන අතර මෘත ශරීරය මිගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කොටදෙනියාව පොලිසිය විමර්ශන සිදු කරගෙන යනු ලබයි.