News

සාලිගේ මෝටර් රථයේ තිබී ගිනි අවියක් සොයා ගනී

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් අසාද් සාලිගේ මෝටර් රථයේ තිබී විදේශ රටක නිෂ්පාදිත පිස්තෝලයක් සහ ඊට භාවිත කරන උණ්ඩ සොයාගත් බව පොලීසිය පවසයි.

අදාළ මෝටර් රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමේදී ඒවා සොයා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

ඒ සම්බන්ධයෙන් ද විමර්ශනයක් ආරම්භකර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

සබැඳි පුවත් –

  • ප්‍රහාරය ගැන සාලිගෙන් රඳවාගෙන ප්‍රශ්න කරයිhttps://bit.ly/3trvMrR
  • අසාද් සාලි අත්අඩංගුවටhttps://bit.ly/3bR9fyy