සිවුරු සහ යුද හමුදා ඇඳුම් තොගයක් සමග මුස්ලිම් ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට
වැලිමඩ දඹවින්න ප්රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී සිවුරු, අදනකඩ සහ යුද හමුදා ඇඳුම් තොගයක් සමග මාංචු යුගලක් ළග තබාගෙන සිටි මුස්ලිම් ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ වැලිමඩ පොලීසිය හා යුධ හමුදාව ඒකාබද්ධව අද (3) අළුයම සිදුකළ මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගත් බවයි.
එහිදී භික්ෂූන් වහන්සේලා භාවිතා කරන සිවුරු 7ක්, අදනකඩ 8ක්, කහ පැහැති තුවා 20ක්, කහ පැහැති කොට්ටඋර 6ක් සහ ගුවන් හමුදාව භාවිතා කරන කමිසයක්, හමුදා කැළෑ ඇඳුමක් හමුදා මුහුණු ආවරණ කිහිපයක්, මාංචු යුගලක්, හමුදාව කෑලෑ තුළදී භාවිත කරන ශරීර ආලේපන තොගයක් මොවුන් සතුව තිබී සොයාගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ වැලිමඩ දඹවින්න හද්දාවුල ප්රදේශයේ පදිංචි හනීපා මෙහොමඩ සාරිෆ් නැමති පුද්ගලයෙකු හා වැලිමඩ බොරලන්ද පාර දඹවින්න පදිංචි මෙහොමඩ් තාහිර් මහරුෆ් නැමත්තෙකි.
අත්අඩංගුවට ගනු ලැබූවන් අද වැලිමඩ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.