සුනිල් ශාන්ත CIDයට බාර දෙයි
ඉකුත් 19 වැනි දා වැලිකඩ බන්ධනාගාරයෙන් පලා ගොස් මීමුරේ ප්රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගනු ලැබ සිටි මහාපරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු වන සුනිල් ශාන්ත නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාර දී ඇත.
පොලිස්පති පූජිත් ජයසුන්දරගේ උපදෙස් මත සිද්ධියට අදාළ ඉදිරි පරීක්ෂණ කටයුතු සිදුකිරීම සදහා ඔහුව මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දුන් බව පොලිසිය කියයි.
මෙම සැකකරු මීමුරේ ප්රදේශයේදී සගව සිටියදී අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ රාත්රියේදීය.