News

සුපිරි වෙළදසැලකට කඩා වැදුන කොල්ලාකරුවන් අහසට වෙඩි තබා මුදල් කොල්ලකයි

ගාල්ල හිරිඹුර හන්දියේ පිහිටි සුපිරි වෙළදසැලකට කඩා වැදුන කොල්ලාකරුවන් දෙදෙනෙක් ඉහළට වෙඩි තබා සේවකයින් බිය ගන්වා එහි තිබු මුදල් මංකොල්ලාකා පලා ගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.

ඊයේ (31) රාත්‍රි යතුරුපැදියකින් පැමිණි කොල්ලාකරුවන් දෙදෙනෙක් මුහුණු ආවරනය කර ගෙන සුපිරි වෙළදසැලට ඇතුලුවී ටී 56 ගිනි අවියකින් වෙළදසැලේ ඉහළට වෙඩි තබා සේවකයින් බිය ගන්වා ලාච්චුවේ තිබු මුදල් කොල්ලාකා පලා ගොස් ඇති බව පොලිස් පරික්ෂණවලදි හෙලිවි ඇත.

කොල්ලාකරුවන් විසින් කොතරම් මුදලක් කොල්ලාකා ඇද්දැයි මෙතෙක් ගණන් බලා නැති අතර කොල්ලකා ඇති මුලු මුදල පසුව ලබා දෙන බවට වෙළදසැල් හිමියා පොලිසියට පැමිණිලිකර තිබේ. ගාල්ල පොලිසිය මේ පිළිබද පරික්ෂණ පවත්වයි.

ගාල්ල සුනෙත් ගාල්ලගේ