සුපිරි සඳ දැකබලා ගැනීමේ අවස්ථාව අද
අද දින මෙරට ජනතාවට සුපිරි සඳක් දැකබලා ගැනීමේ අවස්ථාව හිමිවන බව තාරකා විද්‍යාඥයෝ පවසති.
කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා සන්ධාන කළේ අද දිනයේ සඳ වෙනත් දිනවලට සාපේක්ෂව 6% ක් විශාලත්වයෙන් හා 14% ක් දීප්තියෙන් දිස්වන බවය. එසේම අද රාත්‍රී 09.23ට දැක ගත හැකි බව ද මහාචාර්ය චන්දන ජයරත්න ප්‍රකාශ කළේය.