සුරක්ෂා රක්ෂණාවරණය තාවකාලිකව අත්හිටුවයි
පාසල් සිසුන් සඳහා හඳුන්වා දුන් සුරක්ෂා රක්ෂණාවරණය මේ වසරේ ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න මහතා සඳහන් කළේ ජනාධිපතිතුමාගේ උපදෙස් මත එය අත්හිටවූ බවයි.
මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට පැමිණිලි කිහිපයක් ලැබී ඇති අතර ඒ පිළිබඳව විමර්ශනයක් ක්‍රියාත්මක බව ද ලේකම්වරයා සදහන් කළා.
එම විමර්ශනයේ වාර්තාව ලැබුණු පසු ඉදිරි පියවර ගනු ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.