News

සූර්යයා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින්

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 14 දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ අද (05) දහවල් 12.13ට අම්බලන්ගොඩ, තල්ගස්වල , පස්ගොඩ, මිද්දෙනිය, උස්වැව සහ වීරවිල යන ප්‍රදේශ වලට හිරු මුදුන්ව පවතින බවයි.