සූවස් ඇළ මාර්ග අවහිරය ඉවත්කරයි
දැඩි කතාබහට ලක්ව ඇති සූවස් ඇළ මාර්ගය අවහිර කරමින් සිරව තිබූ නෞකාව ඉන් මුදවා ඉවත්කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
අධික සුළඟ හා කුණාටු සහිත තත්ත්වය නිසා මීට සතියකට පමණ පෙර සූවස් ඇළ හරහා සිරවූ නෞකාව හේතුවෙන් විශාල තදබදයක් ඇතිවිය.
තායිවානයේ එවර්ග්‍රීන් මැරායින් සමාගමට අයත් එම්.වී එවර්ගිවන් නමැති මෙම නෞකාවේ ඒ වනවිට බහාලුම් 20,000 ක් පමණ තිබූ අතර, නෞකාවේ බර ටොන් ලක්ෂ 2ක් පමණය .
කෙසේවෙතත් සුවස් ඇළේ නාවික ගමනාගමනය තවත් දින කිහිපයක් තුළ යථා තත්වයට පත්වෙතැයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩි දුරටත් සඳහන් කරයි.