News

සෙරන්ඩිබ් තිරිගු පිටි මිල වැඩිකරයි

අද (16) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි තිරිගු පිටි කිලෝවක මිල රුපියල් 8කින් ඉහළ දැමීමට සෙරන්ඩිබ් සමාගම තීරණය කර ඇත.

ප්‍රිමා සමාගම ඊයේ (15) රාත්‍රීයේ තිරිගු පිටි කිලෝවක මිල රුපියල් 8.50කින් වැඩි කර යළි එය ක්‍රියාත්මක නොකිරීමට තීරණය කරන ලදී.

සෙරන්ඩිබ් සමාගම තිරිගු පිටි මිල වැඩි කළත්, පාන් ගෙඩියක මිල වැඩි කරනවාද නැද්ද යන්න පිළිබදව තවමත් තීරණය කර නොමැති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පැවසීය.

සාලිය කුමාර ගුණසේකර