News

සේනා නිසා පිඩාවට පත්වූ ගොවීන්ට වන්දි ලබා දීමේ පළමු අදියර අද ආරම්භ කරයි

සේනා දළඹු උවදුරෙන් පීඩාවට පත්වූ ගොවීන්ට වන්දි ලබාදීමේ පළමු අදියර අද අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කර ඇත.

පූර්ණ වගා හානි සිදුවූ ගොවීන් 307 දෙනෙකු සඳහා මෙහිදී වන්දි පිරිනමා ඇති අතර එක් අක්කරයක් සඳහා රුපියල් 40,000 ක මුදලක් ලබාදුන් බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේය.

අම්පාර අනුරාධපුර සහ මොණරාගල දිස්ත්‍රික්කවල සේනා දළඹු උවදුරෙන් ඇති බව වාර්තා වෙයි.