News

සෞඛ්‍යාරක්ෂිත ඇදුම් කට්ටල 5000ක පරිත්‍යාගයක්

කෝවිඞ් 19 වෛරසය මැඩලීමේ කටයුතුවල යෙදී සිටින සෞඛ්‍ය ඇතුළු අනෙකුත් සේවාවල ප්‍රයෝජනය සදහා පොලිතීන් වලින් නිෂ්පාදිත ආරක්ෂීත ඇඳුම් කට්ටල 5000ක් සමස්ත ලංකා පොලිමර් නිෂ්පාදකයින්ගේ සහ ප්‍රතිචක්‍රීකරණය කරන්නන්ගේ සංගමය මඟින් පිරිනැමීමට තීිරණය කර ඇත.

එය සංකේතවත් කරමින් පළමු ආරක්ෂක ඇඳුම් කට්ටල දහස එම සංගමයේ නිලධාරීන් විසින් අද(22) පෙරවරුවේ විජේරාමයේ නිල නිවසේදී අග්‍රාමාත්‍යවරයාට පිරිනැමීය.

පොලිතින්වලින් නිෂ්පාදනය කර ඇති මෙම ආරක්ෂිත ඇදුම් කෝවිඞ් 19 ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සහ සේවා සැපයීම සඳහා ආසාධිතයින් අසලට යන අයගේ භාවිතයට සුදුසු වන සේ නිපදවා ඇති අතර වරක් භාවිතා කිරීමෙන් පසුව ප්‍රතිචක්‍රීකරණයට යොමු කෙරෙයි.