සෞදි පිරිමින්ට රටවල් 04කින් කසාද තහනම්
සෞදි අරාබි පිරිමින්ට රටවල් හතකින් එරට කාන්තාවන් විවාහ කර ගැනීම තහනම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පාකිස්ථානය ,බංගලාදේශය, මියන්මාරය සහ චැඩ් යන රටවලින් එම රටවල කාන්තාවන් මෙලෙස විවාහ කර ගැනීම තහනම් කර ඇත.
අදාළ රටවල කාන්තාවන් ලක්ෂ 05ක් දැනටමත් සෞදි අරාබියේ නේවාසිකව සිටීම මෙයට හේතු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සෞදි අරාබි පිරිමින් විදෙස් කාන්තාවන් විවාහ කරගැනීම අධෛර්යමත් කිරීම ද මෙම තහනමෙහි තවත් අරමුණක් බව සදහන් වේ.
මීට පෙර සෞදි අරාබියේ පිරිමින්ට අධිකරණ අවසරයක් ලබාගැනීම ගැනීම ඇතුළු නීතිරීති රැසකට යටත්ව විදේශ රටවල කාන්තාවන් විවාහ කර ගැනීමේ හැකියාව පැවතියත් නව තහනම හේතුවෙන් කිසිදු හේතුවක් මත අදාළ රටවල් හතරේ කාන්තාවන් විවාහ කර ගැනීමට සෞදි පිරිමින්ට අවස්ථාව නොලැබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.