හංවැල්ල වෙඩි තැබීම සම්බන්ධයෙන් දෙදෙනෙක් අත්අඩංගුවට
හංවැල්ල පරණ පාර අඹුල්ගම හන්දිය ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ මෙම වෙඩි තැබීම සදහා යොදා ගත් යතුරු පැදියක් සහ වෑන් රථයක් සොයාගත් බවයි.
ඇඹුල්ගම හන්දිය ප්‍රදේශයේ ඊයේ (15) රාත්‍රී 9.15ට පමණ පාතාල කණ්ඩායම් දෙකක් අතර සිදුවූ මෙම වෙඩි හුවමාරුවේදී තිදෙනෙකුට වෙඩි වැදී ඇති අතර, එක් පුද්ගලයෙකු නවගමුව රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලීසිය සදහන් කළේය.
මෙලෙස මියගියේ වයස අවුරුදු 23ක් වූ ජල්තර, රණාල ප්‍රදේශයේ පදිංචි බෙලිගොල්ලේ ගෙදර සුරේෂ් රුවන්ත ගුණසිංහ යන වේ.
තුවාලකරුවන් දෙදෙනෙක් හෝමාගම සහ අවිස්සාවේල්ල රෝහල් වෙත ඇතුළත් කර තිබේ.
