හත්වන විධායක ජනාධිපතිවරයා ලෙස අද ගෝඨාභය දිව්රුම් දෙයි
ශ්රී ලංකා ප්රජාතන්ත්රීක සමාජවාදී ජනරජයේ හත්වන විධායක ජනාධිපතිවරයා වශයෙන් ශ්රී ලංකා පොදුජන පෙරමුණේන් තේරී පවත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා අද(18) පෙරවරුවේ අනුරාධපුර රුවැන්වැලි සෑ මහ මළුවේදී දිවුරුම් දීමට නියමිත බව පොදුජන පෙරමුණ සඳහන් කරයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දීමට ප්රථමයෙන් ජය ශ්රී මහා බෝ සමිදුන් හා රුවන්වැලි වෛතත්ය රාජයාණන් වහන්සේ වැදපුදා අශීර්වාද ලබා ගැනීමටද නියමිතව ඇති අතර ගෝඨාභය රාජපක්ෂ මහතා දිව්රුම් දීමෙන් අනතුරුව රුවන් වැලි සෑ මහ මළුවේදී ජාතිය ඇමතීමද සිදු කිරීමට නියමිතව ඇත.
මෙම අවස්ථාවට ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නායක විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා, ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා, පක්ෂ නායකයින් පාර්ලිමෙන්තු මන්ත්රීවරුන් අතුළු විශාල පිරිසක් සහභාගි වන බව පොදුජන පෙරමුණ සඳහන් කරයි.
