හදවත් රෝගී ජර්මන් කත නාවික හමුදාව ගොඩබිමට රැගෙන එයි
මගී ප්‍රවාහන නෞකාවක් වන මැග්නිෆිකා නෞකාවේ සිටි ජර්මන් ජාතික කාන්තාවක් ද ගොඩබිමට ගෙන ඒමට නාවික හමුදාව කටයුතු කර තිඛේ.
ඒ අදාල නෞකාවේ සේවය කරන ශ්‍රී ලාංකික තරුණයෙකු ගෙන ඒමට කටයුතු කළ අවස්ථාවේදියි.
සමාජ මාධ්‍ය ඔස්සේ මෙම තරුණයා කළ ඉල්ලීම මත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුමැතිය යටතේ නාවික හමුදාපතිවරයාගේ මැදිහත්වීමෙන් අදාල තරුණයා කොළඹ වරායට ගෙනඒමට කටයුතු කළ අතර පසුව ඔහුව බුස්ස නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර ඇත.
මීට අමතරව මෙහි සිටි රෝස්මෙරි මාග්‍රට් නම් වූ 75 වියැති ජර්මානු ජාතික හදවත් රෝගී කාන්තාවක්ද ප්‍රථිකාර සඳහා ගොඩබිමට ගෙන ඒමට නාවික හමුදාව කටයුතු කළ අතර ඇය ප්‍රථිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇත.
