News

හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් විපක්ෂ නායක ආර්. සම්බන්දන් රෝහල් ගත කෙරේ

විපක්ෂ නායක ආර්. සම්බන්දන් මහතා අද (13) රාත්‍රියේ හදිසියේම අසනීප වීම හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.

ඒ මහතා මේ වන විට කොළඹ නාරාහේන්පිට පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවටයි තොරතුරු වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ආර්. සම්බන්දන් මහතාගේ තත්ත්වය බරපතල නොවන බවද රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා.