News

හදිසි නීතියට මුවා වී මැතිවරණ කල් දැමිය නොහැක

හදිසි නීතියට මුවා වී මැතිවරණ කල් දැමිය නොහැකි බව ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

විපතට පත් ජනතාවගේ කනගාටුදායක තත්ත්වය හේතුවෙන් අද, හෙට මැතිවරණයක් පැවැත්වීමේ වාතාවරණයක් නොමැති වුවද හදිසි නීතියට මුවාවී ඡන්ද කල් දැමීම සිදුකළ නොහැක්කක් බව ඔහු අවධාරණය කර සිටින අතර උතුරේ යුද්ධය පැවති සමයේ පවා මෙරට කිසිදු ජනාධිපතිවරණ හෝ මහා මැතිවරණ ඡන්ද විමසීම් කල් තබා නොමැති බව ද සභාපතිවරයා අවධාරණය කළේය.