News

හදිසි පාර්ලිමේන්තු මැතිවරණයකට යෑමට එජාප මන්ත්‍රීන්ගේ විරෝධය

හදිසි පාර්ලිමේන්තු මැතිවරණයකට යෑමට එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරුන් විරෝධය පළකර ඇතැයි එම පක්‍ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙම වර්ෂයේ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එය සම්මත වීමටද පෙර පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ඇතැම් පිරිස් සාකච්ඡා වන බවත් එසේ වුවද ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට කිසිසේත් එකඟ විය නොහැකි බව එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරුන් බහුතරයක් සඳහන් කර ඇති බව වාර්තා වෙයි.

මේ අතර ජනාධිපතිවරණයට පෙර හදිසි පාර්ලිමේන්තු මැතිවරණයකට යෑමට අවස්ථාවක් තිබේදැයි සොයාබැලීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අවධානය යොමුව තිබෙන බවද වාර්තා වන අතර මේ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිර්සේන මහතාගේ පාර්ශ්වය සහ මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාර්ශ්වය අතර සාකච්ඡාද පවත්වා ඇති බව වාර්තා වෙයි.

පාර්ලිමේන්තුව විසුරුවා හැර හදිසියේ පාර්ලිමේන්තු මැතිවරණයකට යෑමේ යෝජනාවට මේ අවස්ථාවේදී එකඟ නොවන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රීවරුන් පිරිසක් එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉල්ලීමක් කර ඇත.