News

හන්තානේ මං මුලාවූවෝ සොයාගනී

මහනුවර හන්තාන රක්ෂිතයේ චාරිකාවකට සහභාගී වී අතරමං වී සිටි පාසල් සිසුන් 06 දෙනා මහනුවර විශේෂ කාර්ය බලකා කඳවුරේ භට පිරිසක් විසින් සොයාගෙන තිබේ.

මොවුන් පෙර දින රක්ෂිතය නැරඹීම සඳහා ගොස් සිටියදී අතරමං වී තිබෙන අතර පිරිස ගල් තලාවක් මත රැඳී සිටියදී සොයා ගෙන ඇත.

සිසුන් 06 දෙනා අවුරුදු 16ත් -18ත් අතර වයස් වල පසුවන්නන් බවත් මොවුන් මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.