News

හරීන්ට හා ඔහුගේ පියාට එරෙහිව හෙළ උරුමයෙන් පැමිණිල්ලක්

පාස්කු දින එල්ල වූ ප්‍රහාරයන් පිලිබද තොරතුරු දැන සිටියද එම තොරතුරු වසන් කළ බවට හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයාට සහ ඔහුගේ පියාට එරෙහිව පිවිතුරු හෙළ උරුමය ප්‍රධාන ලේකම් උපුල් විජේසේකර මහතා විසින් කොළඹ පොලිස් මූලස්ථානය වෙත අද දින (2019.04.24) පැමිණිල්ලක් ගොනු කරන ලදී.

මෙම අවස්ථාව සඳහා පිවිතුරු හෙළ උරුමය ප්‍රචාරක ලේකම් නීතිඥ තුෂාර දිසානායක සහ මහජන නියෝජිත කටයුතු ලේකම් උපුල් කෝනාර යන මහත්වරුන් ද එක් විය.