හැටන් නිවසක මල් පාත්තියක ටී. 56 ජීව උණ්ඩ September 13, 2018 1:20 pm No Comments හැටන් ඩන්බාර වීදියේ නිවසක මල්පාත්තියක තිබී ටී.56 ජීව උණ්ඩ 6ක් හමු වූ බව හැටන් පොලිසිය කියයි. ප්රදේශවාසියකු දුන් තොරතුරකට අනුව මෙම උණ්ඩ සොයා ගෙන ඇත. උණ්ඩ තිබූ ස්ථානයේම පොලිතින් උරයක තිබී සෙබළෙකුගේ නිල ඇදුමේ පළදින නම සහිත ටැග් එකක්ද හමු වී තිබේ.