හිජාස් හිස්බුල්ලාට සහ මද්රසා පාසල් විදුහල්පතිට අධිචෝදනා
පාස්කු ප්‍රහාරයේ බෝම්බකරුවන් සමග සමීප සම්බන්ධතා පැවැත්වීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් නීතිඥ හිජාස් හිස්බුල්ලාට සහ පුත්තලම මද්රසා පාසලේ විදුහල්පතිවරයට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනුකර තිබේ.
ඒ පුත්තලම මහාධිකරණය හමුවේය.
ත්‍රස්ත මර්ධන පනත මෙන්ම සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ මොවුන්ට එරෙහිව අධිචෝදනා ගොනුකළ බව නීතිපති සම්බන්ධිකරණ නිලධාරිනිය සඳහන් කර තිබේ.