News

හිටපු අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අද ජනපති කොමිසමට

විදුලිබල හා බලශක්ති හිටපු අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ලංකා විදුලිබල මණ්ඩලයට විදුලිය මිලදී ගැනීමේදී සිදු වූ අක්‍රමිකතා සම්බන්ධ පැමිණිල්ලක් විමර්ශනය සඳහා වත්මන් රජයේ වංචා හා දූෂණ සොයා බලන ජනාධිපති කොමිසම හමුවට අද (25) කැඳවා ඇත.

අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කැබිනට් පත්‍රිකාවකට ලබා දුන් නිරීක්ෂණයක් පදනම් කර ගනිමින් මෙම විමර්ශනය ක්‍රියාත්මක වන අතර එම නිරීක්ෂණයෙන් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දී ඇත්තේ, විදුලිය මිලදී ගැනීමේ අක්‍රමිකතා හේතුවෙන් විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 2කට අධික පාඩුවක් සිදුව ඇති බවය.