News

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ජනාධිපති කොමිසමට

රක්ෂිත බන්ධනාගාරගත ව සිටින ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පසුගිය සිව්වසර තුළ රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම හමුවට අද කැඳවා ඇත.

මේ පිළිබඳව බන්ධනාගාර නිලධාරීන්ට දැනුම් දී ඇති බව එහි නිලධාරියෙකු සඳහන් කළේය.

ඔහු සභාපතිවරයාව සිටි සමයේ මහජන බැංකුවේ ඩිජිටල්කරණ ව්‍යාපෘතියකදී සිදු වූ අක්‍රමාකතා පිළිබඳ විමර්ශනයකට අදාළව හේමසිරි ප්‍රනාන්දු මහතා මෙලෙස ජනාධිපති කොමිසම ඉදිරියට කැඳවා ඇති අතර මෙම ව්‍යාපෘතියෙන් බැංකුවට රුපියල් මිලියන ගණනක පාඩුවක් සිදු කළ බවට ලැබුණු පැමිණිල්ලක් මත මෙම විමර්ශනය ක්‍රියාත්මක වේ.