හිටපු ආරක්ෂක ලේකම්ට සහ පොලිස්පතිට එරෙහි පෙත්සම සලකා බැලීම 21වනදා
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත ජයසුන්දර වගඋත්තකරුවන් කරමින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් මෙම මස 21 වනදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කර ඇත.
බුද්ධි තොරතුරු ලැබී තිබියදී බෝම්බ ප්‍රහාර වැළැක්වීමට කටයුතු නොකිරීම තුළින් තම මූලික අයිතිවාසිකම් කඩ වූ බව පවසමින් ඔවුන්ට එරෙහිව මෙම පෙත්සම ගොනුකර ඇත්තේ සංචාරක ව්‍යාපාරිකයෙකු විසින් වන අතර මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා දැනුම්දී ඇත්තේ වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටීම සම්බන්ධයෙන් තමන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවය.
ඒ සම්බන්ධයෙන් වන තීරණය පෙත්සම සලකා බැලීම සඳහා ලබන 21 වනදා කැඳවීමට නියෝග කර ඇත.
බුවනෙක අලූවිහාරේ සහ ප්‍රීතිපද්මන් සූරසේන යන විනිසුරුවරුන් හමුවේ මෙම පෙත්සම අද විභාගයට ගැනුණේය.