News

හිස් පතුරම් කොපු 30ක් යුද හමුදා ඇඳුම් කට්ටලයක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

වැලිමඩ පොලීසිය හා ශ්‍රී ලංකා යුද හමුදාව එක්ව ඊයේ (02)දින වැලිමඩ නගරය හා අවට ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීම්වලදී සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එක් සැකකරුවෙකුගේ වැලිමඩ හපුතලේ මාර්ගයේ පිහිටි නිවසක තිබී හිස් පතුරම් කොපු 30ක් යුද හමුදා ඇඳුම් කට්ටලයක් ජාතික හැඳුනුම්පත් 06ක්, ගංජා සහ විවිධ වර්ගයේ ඖෂධ ඇතුළු භාණ්ඩ රැසක් සොයා ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් වැලිමඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරැගෙන යනු ලබයි.