හෙට උෂ්ණත්වය වැඩි කාලගුණයක්
වයඹ බස්නාහිර සහ දකුණු පළාත්වලට මෙන්ම මන්නාරම, වව්නියාව, මුලතිව් හා මොණරාගල යන දිස්ත්‍රික්කවල හෙට (04) දිනයේ උෂ්ණඅධික කාලගුණ තත්ත්වයක් බලපානු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
උෂ්ණත්වය සෙල්සියස් අංශක 32-41 අතර විය හැකි බැවින් ඒ පිළිබඳ ජනතාව වැඩි අවධානයක් යොමුකළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන අතර ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම සුදුසු බවත් නිවෙස් තුළ රැඳී සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබඳ සැලකිළිමත් විය යුතු බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එමෙන්ම එළිමහනේ අධික වෙහෙසකාරී කටයුතු සීමා කළ යුතු අතර ළා පැහැති සැහැල්ලු ඇදුම් භාවිත කරන ලෙසත් කුඩා ළමුන් වාහන තුල තනිව රඳවා නොයන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.