News

හෙට මධ්‍යම රාත්‍රියේ සිට පැය 18ක් කොළඹට වතුර කපයි

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට මධ්‍යම රාත්‍රියේ සිට පැය 18 ක ජල කප්පාදුවක් ක්‍රියාත්මක කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

මාර්ග සංවර්ධන කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබන්නේ මොරගස්මුල්ල, රාජගිරිය, ඇතුල්කෝට්ටේ, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, නාවල, කොස්වත්ත සහ රාජගිරියේ සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගයට සහ ඊට සම්බන්ධ අතුරු මාර්ග වලටය.

හෙට මධ්‍යම රාත්‍රී 12 සිට එම ජල කප්පාදුව ඉරිදා පස්වරු 6 දක්වා ක්‍රියාත්මක වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.