News

හෙට සිට කොළඹ අක්ෂි රෝහලේ සහ දන්ත රෝහලේ හදිසි ප්‍රතිකාර පමණයි

කොළඹ අක්ෂි රෝහලේ සහ දන්ත රෝහලේ හෙට (20) සිට හදිසි ප්‍රතිකාර පමණක් සිදුකෙරෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

කොවිඩ්19 ව්‍යාප්තිය වැළැක්වීමේ මෙහෙයුම් මධ්‍යස්ථානයේ විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව සදහන් කළේය.