News

හෙට සිට රාජ්‍ය ආයතන විමර්ෂණ වැඩසටහනක්

ස්වදේශ කටයුතු අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කෙරෙන රාජ්‍ය ආයතන විමර්ෂණ වැඩසටහනේ පළමු අදියර හෙට ආරම්භ වීමට නියමිතයි.

ඒ අනුව හෙට(15) සිට ලබන 19 වනදා දක්වා පැවැත්වෙන මෙම වැඩසටහනේදී හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලය සහ එම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 11ක් ඍජු පරික්ෂාවට ලක් කෙරෙන අතර ග්‍රාම නිලධාරී කාර්යාල අහඹු පරීක්ෂාවන්ට ලක්වනු ඇති.

එම විමර්ශන වැඩසටහන ක්‍රියාත්මක වන්නේ අදාල රාජ්‍ය ආයතනයන්හි වැරදි අවම කර ජනතාවට කාර්‍යක්ෂම සේවාවක් ලබාදීමේ අරමුණින් සිදු කරනු ලබන අතර එම ආයතන ජනතාවට නිසි පරිදි සේවාවන් සපයන්නේද යන්න සොයා බැලීම මෙහිදී සිදු කරයි.

මෙම විමර්ශන සදහා ස්වදේශ කටයුතු අමාත්‍යශයේ නිලධාරීන් 28 දෙනෙකු යොදවා ඇති බව එම අමාත්‍යංශය සඳහන් කරයි.