News

හෙට සිට වැසි – කාලගුණයෙන් අනාවැකි

දිවයිනපුරා, විශේෂයෙන් උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල හෙට (20) දින සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව හෙට සහ අනිද්දා දිනවලදී විශේෂයෙන් වැසි තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ.

නැගෙනහිර සහ උතුරුමැද පළාත්වලත් මුලතිව්, කිලිනොච්චි ,වව්නියාව සහ මාතලේ දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

ඌව පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසිවාර කිහිපයක් ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ.

සෙසු පළාත්වල සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

දිවයිනේ සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.