හෙද නිලධාරින් අද ලෙඩවෙයි
හෙද නිලධාරින් අද ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තිය සමිති ක්‍රියා මාර්ගයකට යොමුවීමට තීරණය කර තිබේ.
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තටේටුවේ ආනන්ද හිමියන් පැවසුවේ, ඒ අනුව අද සිට ලබන 28 වැනිදා දක්වා හෙද නිලධාරින් ලෙඩ නිවාඩු දැමීමට තීරණය කර ඇති බවයි.
උන්වහන්සේ වැඩිදුරටත් පැවසුවේ හෙඳ නිලධාරීන්ට යාචකයින් ලෙස බලධාරීන් පසුපස යාමේ අවශ්‍යතාවක් නොමැති බවයි.
හෙද නිලධාරින්ගේ කප්පාදු කළ වරප්‍රසාද යළි ලබා දෙන ලෙස හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වනු ඇති.
රුපියල් 10000ක අනතුරු දීමනාව හා නිල ඇඳුම් සඳහා රුපියල් 25000ක දීමනාව ඉල්ලීම් අතර වේ.
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ වනතෙක් ලබා දුන් පොරොන්දු කිසිවක් ඉටු කර නොමැති බව ද පූජ්‍ය මුරුත්තටේටුවේ ආනන්ද හිමියෝ පැවසූහ.